මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පොලිස් නිලධාරින්ගේ ලැයිස්තුවක් සියලුම පොලිස් ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුවයි. ඒ අනුව අදාළ නිලධාරින් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී අදාළ නිලධාරින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් ඔවුන් පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමටයි පොලිස් මූලස්ථානය තීරණය කර ඇත්තේ.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.
මේ අතර ගල්කිස්ස පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූවා.