Monday, February 24, 2025

General line - 0115112241

කතරගම නිවාඩු නිකේතනයක ගෑස් පිපිරීමක්

එම් කේ නන්දසේන



කතරගම නගරයේ ඩිපෝ මාර්ගයේ පිහිටි නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩර්යක් පුපුරායාම හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. 

ඔවුන් දෙදෙනා කතරගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙබරවැව රෝහල වෙත මාරුකර යවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යැවූ බව දෙබරවැව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා. 

අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ලබාගෙන සිට ඇති එම දෙදෙනා මුළුතැන් කාමරයට පැමිණ ආහාර සකස් කිරීම සඳහා ගෑස් උඳුන දැල්වීමට යාමේදී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. 

කතරගම පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.