Wednesday, March 26, 2025

General line - 0115112241

වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය



1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මන්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින්. 

වී අලෙවි මණ්ඩල පනත පැනවූ 1971 වසරේ සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඊට කිසිදු සංශෝධනයක් සිදුකර නැහැ. 

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එය යාවතකාලීන කිරීමට දීර්ඝ කාලයක් ගතවෙන බැවින් දැනට ගැටළුවක් වශයෙන් හඳුනාගෙන ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පනතේ අදාළ විධිවිධාන කඩිනමින් සංශෝධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.