Friday, March 14, 2025

General line - 0115112241

දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25වන දා යළි කැඳවන ලෙස නියෝගයක්



මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, එම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන, මේ වන විට විදේශගත වී සිටින වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 

ඉන් අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළා.