Monday, February 24, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්ජුනා යාපනයේදී ගුටි කෙළියක



ඉකුත් සමයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ගුටිබැට හුවමාරුවකට මැදි වූ පුවතක් යාපනයෙන් වාර්තා වනවා. 

ඒ, ඔහු රාත්‍රී ආහාර ගැනීම සඳහා හෝටලයකට ගිය අවස්ථාවේදීයි. 

එහිදී සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ. 

කෙසේවෙතත් පොලීසිය පැවසුවේ තමාට කිසියම් පිරිසක් පහර දුන් බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බවයි. 

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා විසින් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී ඇති බවයි දැන් වාර්තා වන්නේ. 

මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවටද මේ වන විට වාර්තා පළ වෙමින් තිබෙනවා. 

කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලැබී ඇති පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.