Thursday, April 17, 2025

General line - 0115112241

එක්දින ක්‍රිකට් තරඟයේදීත් ශ්‍රී ලංකාව අසරණ වෙයි



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

පැතුම් නිස්සංක ලකුණු 04කටත් අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 19ක් පමණයි. 

කමිදු මෙන්ඩිස් ලකුණු 05කට දැවී ගියා. 

ශ්‍රී ලංකා පිළේ මුල් පන්දුවාර 26ක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 148කට බිඳ වැටුණා. 

දුනිත් වෙල්ලාලගේ 06වන කඩුල්ල ලෙස ලකුණු 30ක් රැස් කරගෙන සිටියදී දැවී ගියා. චරිත් අසලංක නොදැවී ලකුණු 47යි.