එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තුන්වන දිනය අදයි.
ජනාධිපතිවරයා අද පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමටද නියමිතයි.
එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා සිය දේශනය පවත්වනු ඇති.
මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර, 2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාට මෙහිදී ස්තුතිය පළ කර තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 155,000ක් පමණ සිටින අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.