Friday, April 18, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්චුනා පිඟානකින් ගැසූ පුද්ගලයා රෝහලේ

මාධව කුලසූරිය



පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන ක්‍ක්‍ඔඪ දර්ශන මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. 

එහි දැක්වෙන්නේ ඊයේ රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම පහරදීම සිදුවන ආකාරයයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා එහිදී තවත් පුද්ගලයෙකුට පිඟානකින් පහර දී තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. 

පහර කෑමට ලක්වූ පුද්ගලයින් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝගත කිරීමට උත්සහ දරා තිබුණා. 

එයට විරෝධය පෑ පුද්ගලයින් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පහර කෑ පුද්ගලයා කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් මන්ත්‍රීවරයා සමග කතාකිරීමට උත්සහ දැරූ බවත් එහිදී මන්ත්‍රීවරයා තමන් ඇතුළු පිරිසි වීඩියෝගත කළ බවයි. 

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද තමාට පහරදුන් බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.