Saturday, March 15, 2025

General line - 0115112241

තවත් වෛද්‍යවරු 5,000ක් රට හැර යාමේ අවදානමක්



තවත් වෛද්‍යවරු 5,000ක් රට හැර යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිරි මහතා පැවසුවේ මෙම වෛද්‍යවරුන් විදෙස්ගත වීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් මේ වන විටත් සපුරා ඇති බවයි. 

දැනටමත් වෛද්‍යවරු 2,000කට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවයෙන් ඉවත් වී ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර ඖෂධ සැපයුම්කරුවන්ගේ හිඟය හේතුවෙන් ගැටලු රැසක් මතුවිය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිරි මහතා පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රජයේ රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 862න් ඖෂධ 40ක් සැපයීමට සැපයුම්කරුවන් ඉදිරිපත් වී නොමැති බවයි.