හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයේ අද පස්වරුවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටින බව වාර්තා වනවා.
එම මෙහෙයුම සඳහා හොරණ ගිනි නිවීමේ ඒකකයට අමතරව කොළඹ සහ කළුතර මහ නගරසභා ගිනි නිවීමේ ඒකකවල රථ සහ ගිනි නිවන භටයින්ද යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගින්න හටගෙන ඇත්තේ බොරළුගොඩ කර්මාන්තපුරයේ සුවඳවිලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකයි.
එම ගින්න කර්මාන්තපුරයේ වෙනත් කර්මාන්ත ශාලා වෙත පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙනවා.
කෙසේවෙතත් ගිනි ගැනීමට ලක්වූ සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ අභ්‍යන්තර ගින්න මැඩපැවැත්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.