අද සිට විදුලි කප්පාදුව සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යය මණ්ඩලය විසින් ක්‍රියාකර ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ඒ අනුව මෙතෙක් දින කිහිපයක් පැවති විදුලි කප්පාදුව අවසන් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
එහදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්
" නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යය මණ්ඩලය විසින් ක්‍රියාකර ඇති බවත් ඒ අනුව මෙතෙක් දින කිහිපයක් පැවතිය නොවැලැක්විය හැකි විදුලි කප්පාදුව අවසන් කරන බව දැනුම් දෙන්න පුළුවන්.
ඒ වගේම එහි ඉතිරි ඒ්කක දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් පද්ධතියට එක්කරන බව ප්‍රකාශ කරනවා.
මේ දක්වා විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම කාලයන් තුල තත්ත්වය තේරුම් ගෙන ඉවසීමෙන් ක්‍රියාකිරීම ගැන කෘතඥතාවය පලකරනවා.
තවද, මෙම හදිසි අවස්ථාව තුල වෙහෙස නොබලා කටයුතු කල සහ සහයෝගය දුන් ලංවීම කාර්යය මණ්ඩලය සහ බොහෝ වෘත්තිකයන්ටද මාගේ කෘතඥතාවය පලකරනවා.
විශේෂයෙන්ම නැවත මෙවන් තත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවරයන් ගැනීමට අවශ්‍ය කටයුතු, ජනතාවට වගකියන රජයක් විදිහට දැනටමත් ආරම්භ කර ඇති බවත් දන්වා සිටින්න කැමතියි."