Wednesday, March 26, 2025

General line - 0115112241

කෝටි තුනක ජංගම දුරකතන සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු ඉකුත් 01 වනදා ඔහු කටාර් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

ඔහුගේ ගමන් මලු‍ ඉන්පසුව වෙනත් ගුවන් යානයකින් රැගෙන විත් ඇති අතර ඒවා නිදහස් කර ගැනීම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.  

එම ගමන් මලුවල තිබී රුපියල් කෝටි තුනක් වටිනා නවීන ජංගම දුරකථන 180ක් සහ ටැබ් පරිගණක 05ක් සොයා ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.