සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 31යි පන්දු 02ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 133ක් ලබා සිටියා.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 67ක් ලබා සිටිනවා.
අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන නායක චරිත් අසලංක ලකුණු 04ක් රැස් කරගෙන සිටිනවා.
නිශාන් මධුෂ්ක ලකුණු 51ක් රැස් කළා.
පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 06ක් රැස් කර සිටියදීයි.
පන්දු යැවීමේදී බෙන්ජමින් ඩුර්ෂුයිස්, ඇරන් හාර්ඩි සහ ෂූන් ඇබට් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 49ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.