මෙම වසරේදී ඉන්දියාවට F-35 ප්‍රහාරක ජෙට් යානය ඇතුළු ආයුධ අලෙවිය කිරීමට ඇමරිකාවේ ජනපති ඩොනල් ට්‍රම්ප් එකඟතාවය පල කර තිබෙනවා.
ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවේදියි.
මෙය ඩොනල් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් පසු ඔහු හා නරේන්ද්‍ර මෝදි අතර පැවති පළමු සකච්ජාවයි.
මේ වසරේ සිට ඉන්දියාවට ලබා දෙන මිලිටරි උපකරණ ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවයි අදාළ සකච්ජවලදී පවසා ඇත්තේ.
කෙසේවෙතත් ත්-35 ප්‍රහාරක ජෙට් යානය යනු රහසිගත ප්‍රහාරක යානයක් වන අතර එයට වේගයෙන් පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
F -35 ජෙට් යානය නිපදවන ලොක්හීඩ් මාටින් සමාගම ද ට්‍රම්ප්ගේ ජෙට් යානා ඉන්දියාවට විකිණීමේ අභිලාෂයන් පිළිබඳව අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.