USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් නාමල් රාජපක්ෂ ඇමරිකානු තානාපතිනිය ජුලී චන්ග් මුණ ගැසී පවසා තිබෙනවා
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ පොහොට්ටු කාර්‍යාලයේදී ජුලී චන්ග් හමුවූ අවස්ථාවේදීය.
තවද මෙහිදී වැදගත් කරුණු රැසක් පිලිබදව මෙන්ම ඉතා සුහදව සාකච්ඡාවක් පැවැත්වීය
මෙම අවස්ථාව සඳහා පක්ෂයේ ජාතික සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැදවුම්කරු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, සහ හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගි විය.