Tuesday, March 25, 2025

General line - 0115112241

රජයේ මුද්‍රණාල ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප.

උදය කුමාර



රජයේ මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පහර දී තුවාල සිදු කළේ  යැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදා හරින ලෙස  කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

එලෙස ඇප මත මුදා හැරි පුද්ගලයින් අතර රජයේ මුද්‍රණාලයේ පොදු ජන එක්සත් පෙරමුණ හා සමගි ජන බලවේග වෘත්තිය සමිතිවල සභාපතිවරුන් දෙදෙනා දෙදෙනාද වනවා.