Tuesday, April 15, 2025

General line - 0115112241

ගොවීන්ගෙන් ආණ්ඩුවට තවත් ඉල්ලීමක්



අතිරේක ආහාර බෝග වගාව සඳහාද සාධාරණ සහතික මිලක් ලැබී නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. 

ඒ අනුව බඩඉරිඟු ඇට කිලෝවක් සඳහා රුපියල් 150ක සාධාරණ මිලක් ලබාදෙන ලෙසයි එම ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ. 


මේ අතර ගොවීන් සතු වී මිලදී ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි උතුරුමැද පළාත් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සම ලේකම් විමල් හේවාවිතාරණ මහතා පැවසුවේ.