Sunday, February 23, 2025

General line - 0115112241

කතරගමින් කොළඹ ආව බසයට පානදුරේදී අත්වූ ඉරණම



ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් අද අලුයම 04යි 40ට පමණ පානදුර නගරයේදී පෙරළී තිබෙනවා. 

කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස පෙරළී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.