Sunday, February 23, 2025

General line - 0115112241

එළිමහනේ ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත්වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

ජූඩ් සමන්ත



මෙම දිනවල දිවා කාලයේ පවතින අධික උෂ්ණත්වය මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකර බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙම දිනවලදී එළිමහන් කටයුතුවල නිරතවීමේදී වඩාත් සැළකිළිමත් විය යුතු බවයි.


ඒ අනුව පාසල් බලධාරීන්ගෙන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක්ද කළා. 


මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ද ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.