Tuesday, March 25, 2025

General line - 0115112241

මාලි රාජ්‍යයේ රන් පතලක නායායෑමකින් 48 දෙනෙකුට දිවි අහිමි වෙයි



බටහිර මාලි රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා. 

මාලි රාජ්‍යයේ රන්වලින් පොහොසත් කයිස් කලාපයේ චීන සමාගමක් විසින් කලක් පවත්වාගෙන ගොස් අත්හැර දැමූ පතලක එම නායයෑම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එම නායයෑම සිදුවන අවස්ථාවේ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිට ඇති අතර සිද්ධියෙන් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. 

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් වන අතර අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පසුගිය ජනවාරි මාසයේ ද රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.