Sunday, February 23, 2025

General line - 0115112241

ටී56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට



රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ ටී56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
 

සැකකාර සෙබලා 2021 වසරේදී කොළඹ වරාය, රංගල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව සිට ඇති අතර එම කාලයේදී අදාළ ටී56 ගිනිඅවිය අස්ථානගතව තිබෙනවා. 

ඒ අනුව එම ගිනි අවිය ඉළුක්හේන, ගල්පොල ජනපදය ප්‍රදේශයේ පදිංචි අදාළ නාවික හමුදා සෙබලාගේ නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. 
 

අත්ඩංගුවට ගත් සැකකාර සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් සිදුකරන විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.