පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින්.
පසුගිය 08 වනදා යාපනය, අරියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් අසූ හතර ලක්ෂ හැත්තෑ අටදහසක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව යාපනය පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම කොල්ලකෑමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහිදී සැකකරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
එම කොල්ලකෑම මෙහෙයවන ලද බවට සැක කරන ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇති අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.