ප්‍රමිතියෙන් තොර පොලිතීන් සහ ප්ලාස්ටික් වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව ප්‍රමිතියෙන් තොර පොලිතින් සහ ප්ලාස්ටික් සඳහා පනවා ඇති නීතරීති සහ එය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පළමුව අධ්‍යයනය කරන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.
ප්‍රමිතියෙන් තොර පොලිතින් සහ ප්ලාස්ටික් ඉවත් කිරීමට ක්‍රියාත්මක නීතිරීති ආපසු ඉවත් කිරීමට නොහැකි වන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බවද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.