Tuesday, March 25, 2025

General line - 0115112241

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අයවැයෙන් යෝජනා



රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. 

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ. 

2025 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.