Tuesday, April 15, 2025

General line - 0115112241

කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට රජයෙන් සැලසුම්



කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට යෝජනා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

මේ අතර පැරණි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 500ක් සහ නව දුම්රිය මැදිරි ඉදිකිරීම ආරම්භ කිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.