Monday, March 24, 2025

General line - 0115112241

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට



2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. 

අද සිට ලබන 25 වනදා දක්වා දින 07ක් එම විවාදය පැවැත්වීමට නියමිතයි. 

පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම විවාදය පැවැත්වීමට නියමිතයි. 

ලබන 25 වනදා පස්වරු 06.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු මස 21 වනදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි. 

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු මස 21 වනදායි.