වසර 29 කට පසු පකිස්ථානයේ යළි ක්‍රිකට් උන්මාදයක් ඇති වී තිබෙනවා.
ඒ, 1996 වසරෙන් පසු පළමුවරට පකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟාවලියක් හෙට ආරම්භ වීම හේතුවෙන්.
මෙලෙස ආරම්භ වන්නේ අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියයි.
තරඟාවලිය හෙට සිට මාර්තු 09 වනදා දක්වා ලාහෝර්, කරච්චි සහ රාවල්පිණ්ඩි යන නගරවල පැවැත්වීමට නියමිතයි.
2009 වසරේදී ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් පකිස්ථානයේ සංචාරය කිරීමට කැමති වූයේ නැහැ.
එහෙත් 2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම පකිස්ථානයේ සංචාරය කිරීමත් සමග ක්‍රමයෙන් එරට ක්‍රිකට් ක්‍රීඩාව යළි ප්‍රකෘති වුණා.
ආරක්‍ෂාව පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන් බලපාන ප්‍රධාන සාධකයක් බැවින් හෙට ආරම්භ වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියටද දැඩි ආරක්‍ෂාවක් ලබා දීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ආරක්‍ෂාවට යෙදවීමට නියමිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 13,000කට අධිකයි.
ක්‍රීඩකයින් රැඳී සිටින හෝටල් සහ ක්‍රීඩාංගණ මෙන්ම කණ්ඩායම් ගමන් ගන්නා මාර්ගයේද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
තරඟ පැවැත්වෙන සියලු නගර අධි ආරක්‍ෂිත කැමරා පද්ධතියකින් ආවරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා.
අමතර ආරක්‍ෂාව සඳහා උස ගොඩනැගිලිවල ස්නයිපර්වරුන්ද ස්ථානගත කෙරෙනු ඇති.