ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු සංකීර්ණ සායනික තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන බවත් තවදුරටත් රෝහලේ රැඳී සිටින බවත් වතිකානුව පවසනවා.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පසුව වතිකානුව නිවේදනය කළේ පාප් වහන්සේගේ ශ්වසන මාර්ගයේ ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් ඇති බවයි.
කෙසේවෙතත් පාප් වහන්සේ යහපත් මානසිකත්වයෙන් සිටින බවයි වතිකානුවේ ප්‍රකාශක මැටියෝ බෲනි මාධ්‍යයට පවසා ඇත්තේ.
රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස වසර 12 ක් සේවය කළ පාප් වහන්සේ ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන්නා.