Saturday, February 22, 2025

General line - 0115112241

පුද්ගලික අංශයට අයවැයෙන් දුන් තැන ගැන විද්වතෙකු ප්‍රශ්න කරයි



ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැය මේ දක්වා ආර්ථික හා සමාජීය වශයෙන් හසු නොවූ පැති ගණනාවක් ආවරණය වන ලෙස සකස් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

සමාජය තුළ පවතින ප්‍රශ්න යථාර්ථවාදීව තේරුම් ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදීමට මෙවර අයවැයෙන් උත්සාහ දරා ඇති බවයි ඔහු කියා සිටියේ. 

පෞද්ගලික ව්‍යවසාය කෙරෙහි අඩු අවධානයක් යොමු කිරීම මෙවර අයවැයෙහි දැකිය හැකි දුර්වලතාවක් බවද ඔහු කියා සිටියා. 

මේ අතර, මේ වන විට වැඩිම කතබහකට ලක්ව ඇත්තේ 2025 අයවැයෙන් රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාවයි. 

ඒ අනුව දැනටමත් ලබා දෙන රුපියල් 7,500ක දීමනාව ඉවත් කළ විට ඔහුගේ මූලික වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 8,250ක්. 

ඉන් රුපියල් 5,000ක මුදලක් ලබන අප්‍රේල් මස සිට මූලික වැටුපට එක් කෙරෙනවා. 

ඉතුරු වර්ධකයෙන් සියයට 30ක්, එනම් රුපියල් 975ක්ද අප්‍රේල් සිට වැටුපට එක් කරනු ඇති. 

ඒ අනුව රුපියල් 24,250ක අවම මූලික වැටුපක් හිමි රජයේ සේවකයෙකුගේ වැටුප මෙම වසරේ අප්‍රේල් මස සිට රුපියල් 5,975කින් වැඩිවනවා.