Monday, March 24, 2025

General line - 0115112241

වී සහ බොල් වී මිශ්‍ර කරන මින්නේරියේ ගබඩාවක් පාරිභොගික නිලධාරින් වටලයි



වී සහ බොල් වී මිශ්‍ර කරන මින්නේරිය ප්‍රදේශයේ වී ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ වටලා තිබෙනවා. 

එම ගබඩාවේ තිබී බොල් වී සමඟ මිශ්‍ර කළ වී කිලෝ 6,000ක් පමණ සොයාගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. 

අදාළ වී ගබඩාවට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරින් කටයුතු කර ඇති අතර එම ගබඩාව පවත්වාගෙන ගිය හිමිකරු එළඹෙන 21 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් කටයුතු කර තිබෙනවා. 

අදාළ වී තොගය වෙළඳපොලට මුදා හැරීමට තිබුණා ද? නැතහොත් සත්ව ආහාර සඳහා ලබාදීමට තිබුණා ද යන්න පැහැදිලි වී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.