ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැඟූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඇතැම් සභාපතිවරුන් ස්වේච්ඡාවෙන් වැඩ කරන බව පැවසුවද විවිධ දීමනා ලබා ගනිමින් සිටින බවයි.
එම සභාපතිවරුන් ලබා ගන්නා දේ සහ නොගන්නා දේ සම්බන්ධයෙන් රට හමුවේ කරුණු අනාවරණ කිරීමට සූදානම් බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසුවේ.
මේ අතර 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය ඉන් පසුව ආරම්භ වුණා.
මේ, විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුව අදහස් පළ කළා.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.