Saturday, February 22, 2025

General line - 0115112241

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති දුරකතන බිල් නඩුව යළි විභාගයට

උදය කුමාර



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් රුපියල් 240,000කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණා.

මෙහිදී  අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කළා.