Saturday, February 22, 2025

General line - 0115112241

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අධි චෝදනා භාරදෙයි

උදය කුමාර



හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා.

ඒ, සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය‍ නැමැති වරද සිදුකළේ යැයි ලද චෝදනාවකට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද භාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදීයි.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි විනිසුරුවරයා නියෝග කළේ.