Saturday, March 22, 2025

General line - 0115112241

බීමතින් පාසලකට ඇතුළු වූ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්



බීමතින් පාසලකට ඇතුළු වී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු මල්ලාවි පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසී බීමතින් මල්ලාවි ප්‍රදේශයේ පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගැණුනා.

එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.