අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අද පැහැදිලි කිරීමක් සිදු කළා. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී පැවසුවේ පහළ ශ්‍රේණියේ සිටින රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 5,975කින් වැඩි වන බවයි.
එක් එක් සේවාවන්ගේ වැටුප් වැඩි වන ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.
අලුතෙන් රාජකාරී අරඹන වෛද්‍යවරයෙකුගේ පවා අවම වැටුපද රුපියල් 91,750 දක්වා වැඩි වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින් අපේක්‍ෂා කළ ආකාරයේ වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද විවාදයට එක්වුණා.
කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා වසරකට රුපියල් බිලියන 325ක් වැය වන බවයි.
පාර්ලිමේන්තුව හෙට දිනයේත් රැස්වීමට නියමිතයි.