Saturday, February 22, 2025

General line - 0115112241

ගණේමුල්ලේ සංජීවට වෙඩි 05ක් ?



අලුත්කඩේ උසාවිය තුළ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීවයි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර තිබුණා.

ගණේමුල්ල සංජීව ඉලක්ක කර වෙඩි ප්‍රහාර 04ක් හෝ 05ක් එල්ල වී ඇති බවටයි නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ. 

පොලීසිය සඳහන් කළේ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ ගණේමුල්ලේ සංජීව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් බවට සැකකෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය අධිකරණ භූමිය තුළදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.