2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතරයි. පකිස්ථානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා.
ශූරයින්ගේ කුසලානයට පෙර මෙම රටවල් දෙකම ඉකුත්දා පකිස්ථානයේදීම මුණගැසුණා.
ඒ, තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් වෙනුවෙන්.
එහි ශූරතාව දිනා ගත්තේ නවසීලන්තයයි.
ඒ අනුව අද තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවටයි විචාරකයින් මත පළ කරන්නේ.
2000 වසරේදී නවසීලන්තයත් 2017 වසරේදී පකිස්ථානයත් ශූරයින්ගේ කුසලානය දිනාගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙක ශූරයින්ගේ කුසලාන තරඟාවලි ඉතිහාසයේ අවස්ථා තුනකදී එකිනෙකා මුණගැසී ඇති නමුත් මෙම සියලු තරඟ ජය ගත්තේ නවසීලන්තයයි.