රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ඉකුත් දා පත් කෙරුණු ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත යොමු කරමින්.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් පත්කෙරුණේ ඉකුත් පෙබරවාරි මහ 10වනදායි.
එහෙත් මින් පෙර මෙම ධුරය දැරූ ස්වාමීන් වහන්සේ මෙකී ධුරය නැවත අපේක්‍ෂාවෙන් සිට ඇති බව හා උන්වහන්සේට පක්ෂපාත ඇතැම් පිරිස් මාධ්‍ය ඔස්සේ ඒකපාර්ශ්වික වූ සහ අසාධාරණ කරුණු පළ කරන්නට වීම අතිශය කණගාටුදායක සහ නොවිය යුත්තක් බවයි පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් සිය ලිපියේ දක්වා ඇත්තේ.
තමන් වහන්සේ භාරගත් කුලපති ධුරය යම් පාර්ශවයකගේ සිත්තැවුලකට හෝ භේදකාරී මත ගොඩනැගීමට හෝ සංඝ සාමග්‍රිය බිඳවැටීමට හේතුවන්නේ නම් එම තනතුරට වඩා සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමින් මෙම තීරණය ගනු ලැබූ බවද පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.