ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයකදී බස් රථ තුනක් පුපුරා ගොස් තිබෙනවා.
මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි ඊශ්‍රායලය විසින් සැක පල කරන්නේ. එමෙන්ම තවත් බස් රථ දෙකක පුපුරන උපාංග සවි කර තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පිපිරීම් සිදු වන අවස්ථාවේදී අදාළ බස්රථ තුල කිසිදු මගියෙක් සිට නැහැ.
ඒ අනුව එම පිපිරීම්වලින් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ වන විටත් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් ද යොදවා ඇති බව ඊශ්‍රායල ආරක්‍ෂක අංශ පවසනවා.
පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා එරට සියලුම බස් රථ, දුම්රිය සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා තවකාලිකව අවලංගු කිරීමක් සිදු කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.