Saturday, February 22, 2025

General line - 0115112241

‘BOC යූත්’ ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර ක්‍රියාත්මකයි



ලංකා බැංකුව ශ්‍රී ලාංකික තරුණ නවෝත්පැදකයින් සහ ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා හඳුන්වා දුන් ‘BOC යූත්’ ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පසුගියදා සිදු කෙරුණා.

ඒ, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදීයි.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද සොයිසා සහ ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

‘BOC යූත්’ ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වසරකට සියයට 7ක ආකර්ෂණීය පොලී අනුපාතයක් සමගින් රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව තරුණ ව්‍යවසායකයින් 11,256 දෙනෙකු වෙත ණය ලබා දී තිබෙනවා.