Tuesday, April 15, 2025

General line - 0115112241

වෙඩි තැබීමකින් මියගිය හදුනා නොගත් මළසිරුරක් උස්වැටකෙයියාව වෙරළ තීරයෙන්



පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී අනන්‍යතාව හෙළි නොවූ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය විමර්ශන සිදු කරනවා.