ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම වසරේ ජනවාරි මාසයේ උද්ධමනය සියයට සෘණ හතරක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය වාර්තා වුණේ සියයට සෘණ දෙකක් ලෙසයි.
ඉකුත් ජනවාරි මාසයේදී ආහාර උද්ධමනය සියයට සෘණ එකේ සිට සියයට සෘණ එකයි දශම පහක් දක්වා පහළගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ දෙකයි දශම නවයේ සිට සෘණ පහයි දශම දෙකක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.