හමාස් භාරයේ සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රාණ ඇපකරුන් 04 දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායලය වෙත භාරදී තිබෙනවා
එම මළ සිරුරු 4 න් 1 ක් ප්‍රාණ ඇපකරුවකුගේ නොවන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමේ කොන්දේසි අනුව මෙලෙස ප්‍රාණ ඇප කරුවන්, සිරකරුවන් හා මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හුවමාරු කර ගැනීම සිදු කෙරෙනවා.
කෙසේ වුවද ඊයේ ලබාදී ඇති එක් මළ සිරුරක් බිබාස් පවුලට අයත් මළ සිරුරක් නොවන බැවින් නිවැරදි මළ සිරුර තමන් වෙත ලබා දෙන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.
මේ අතර බටහිර ඉවුර තුළ විශේෂ යුද මෙහෙයුමක් දියත් කරන ලෙස අග්‍රාමාත්‍ය බෙංජමින් නෙතන්යාහු නියෝග කර තිබෙනවා.