Saturday, February 22, 2025

General line - 0115112241

හික්කඩුව වෙරළේ දියනෑ විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට



හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි අතරතුර දිය වැලකට හසුව දියඹට ගසා යමින් සිටියදී බේරා ගැණුනු විදෙස් ජාතික පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

38 හැවිරිදි වියේ පසු වූ ඔහු රුසියානු ජාතිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු යොදා වෙරළ තීරයේ රතු පැහැති අවදානම් කොඩි දමා තිබියදී එම විදෙස් ජාතිකයින් දිය නෑමට ගොස් තිබෙනවා. 

එහිදී දියඹට ගසා යමින් සිටි එම විදෙස් ජාතිකයන් තිදෙනා හික්කඩුව, නාරිගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම විදේශිකයන් තිදෙනාට මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී එක් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.