ජනතාව රවටා සිය පක්ෂය දේශපාලනයේ නිරත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
වර්තමානයේ තරුණ පරම්පරාව නොමග යවන දේශපාලනයක ඇතැම් පක්ෂ නිරත වී සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
මේ අතර රටේ පොදු ජාතික ප්‍රතිපත්තියක් රට වෙනුවෙන් නිර්මාණය කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.