ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ කිසියම් නිර්ණායකයක් මත පදනම්ව සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමට දැන් සිටම සූදානම් වීම වඩාත් යෝග්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.