මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ, කතරගම දේවාලයේ අරමුදලෙන්.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව එම හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබනවා.
මහල් 03කින් යුතුව ඉදිකෙරෙන එම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල්ගල තැබුණා.
ඒ, රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.
පොතුවිල, බිබිල, වැල්ලවාය, තණමල්විල ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ජනතාවකට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල මගින් ප්‍රතිකාර සේවා ලබාදෙනු ලබනවා.