ගණේමුල්ල සංජීව ඝාතනයට සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.
එම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ, මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ 25 හැවිරිදි තරුණයෙකු සහ අස්ගිරිවල්පොල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වීරකැටිය, තෙලඹුයාය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
ඒ අනුව එම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඉකුත් 18 වනදා සිදුකල එම වෙඩිතැබීමෙන් පියා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය පත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.