Sunday, February 23, 2025

General line - 0115112241

ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට රජයෙන් නව වැඩපිළිවෙලක්



ශ්‍රී ලංකාව පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා අතර ඉන් 47ක් රජයට අයත් ඒවා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය පැවසුවේ අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවයි.

එමෙන්ම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බව ද ඇය පැවසුවා.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරිය එහිදී පැවසුවා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් වන සියලුම මුදල් සහ ප්‍රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරෙන් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම ප්‍රධාන වගකීම කරගත යුතු බවයි ඇය අවධාරණය කළේ.