Tuesday, April 15, 2025

General line - 0115112241

අයවැයෙන් සෞඛ්‍යට වෙන් කළ මුදල් වලින් නිසි ප්‍රයෝජන ගන්න හැටි වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි



සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය තුළ සිදුවන දූෂණ වංචා නතර කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. 

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ එසේ සිදු කලහොත් පමණක් අයවැයෙන් වෙන් කළ මුදල් රටේ මහජනතාවට ප්‍රයෝජනයට ගත හැකි බවයි.

වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරිවාදයේ දූෂිත ක්‍රමවේදය වෙනස් කිරීමට රජය පියවර ගත යුතු බවද වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවා.